ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගෙන නෙදර්ලන්තයේ ඈම්සට්රඩෑන් සිට පැමිණි බෝයිං 767 – 300ER වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ තිබේ.
දැනට, ගාල්ල වරායේ නැංගුරම්ලා තිබෙන නෞකාවක 230 දෙනෙකුගෙන් යුතු කාර්ය මංඩලයක් රැගෙන මෙම විශේෂ ගුවන් යානය අද(03) පෙරවරු 08.40ට මත්තල ගුවන් තොටුපොලට පැමිණි අතර ගුවන් යානයේ පැමිණි සියළුම දෙනා ගුවන්තොටුපොළ තුළ දී ම විසබීජහරණ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු බස් රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කර ඇති රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බලගණයේ නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ සියළු කටයුතු සිදු කෙරුණි.
දැනට ගාල්ල වරායේ නවතා ඇති නෞකාවේ සිටින සේවකයින් 53 දෙනෙකු රැගෙන නැවත ගුවන් යානය අද රාත්රියේදී නෙදර්ලන්ඩ් බලා පිටත්ව යාමට නියමිත බවද ගුවන්තොටුපොල කළමණාකරු උපුල් කළන්සුරිය මහතා පැවසිය.


