Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදෙස්ගතව සිට පැමිණෙන්නන්ට නිරෝධායනය වෙන්න සහන මිලකට හෝටල් කාමරයක්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

” විදේශගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 – 35,000 අතර මිලකට. මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ” හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බව ද මෙහිදී හමුදාපතිවරයා සඳහන් කරයි.

Giraya News Alerts

එසේම, මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බව ද කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබා දීම සිදුකරමින් සිටින බව ද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

අද (03) දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top