Update at 07.00 AM (03/05/2020)
මැයි මස 02 වන දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 15 ක් වන අතර එයින් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන 705 දක්වා ඉහළ යන අතර සක්‍රීය ආසාදිතයින් ගණන 523ක් වේ. සුවය ලැබූ ගණන 173ක් වේ.
____________________________________________________________________________
අද (02) පස්වරු 10.30 වන විට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 12 දෙනෙකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 702 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, අද දිනයේ දී තවත් රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ඒ අනුව සුවය ලැබූ සම්පූර්ණ ගණන 172 දක්වා වැඩි වී ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 523ක් වේ. එමෙන්ම, තවත් පුද්ගලයින් 179 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල පසුවේ.
