දින 20කට පසුව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බවට එරට ප්‍රධාන පුවත් සේවය වන කේ.සී.එන්.ඒ පුවත් සේවය වාර්තා කරයි. ඔහු සිකුරාදා (01) දිනයේ පොහොර කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ඇති අතර එරට මාධ්‍ය විසින් එම අවස්ථාවේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.
තවද, ඔහු එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ දී එම කර්මාන්තශාලාවේ දහසකට අධික සේවකයන් පිරිස ප්‍රීති ඝෝෂා නැඟු බව එම මාධ්‍යය වාර්තා කරයි. එම අවස්ථාවට උතුරු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම කිම් ජොන් අන් ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් ද සහභාගී වී තිබේ.
පසුගිය අප්‍රේල් 12 වන දාට පසුව උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් ලොව පුරා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බවට විවිධ පුවත් පළ වී තිබුණි.
