Advertise with Giraya
NEWS

මුලතිව්හි ඊයේ සිදු වූ මරණවලට හේතුව කොරෝනා නොවන බවට තහවුරු වෙයි

මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ (01) සිදු වූ මරණවලට හේතුව නව කොරෝනා වෛරසය නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සමාන්‍ය හේතුන් නිසා මරණ සිදු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇත.

මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝග වලින් සිට ඇති බවත් ගුවන් හමුදා වෛද්‍යවරුන් ද ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම අවස්ථා කිහිපයකදීම සිදුකළ බව මෙහිදී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද තහවුරු කරයි.

වයස්ගතවීම නිසා ඇතිව තිබු සාමාන්‍ය අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top