Advertise with Giraya
NEWS

සංවර, සරල ඇඳුමකින් වැඩට එන්න.. රජයෙන් චක්‍රලේඛයක් නිකුත් කරයි

අඳින පළඳින ඇඳුම් පැළඳුම්වලින්ද කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බැවින් සියලුම රාජ්‍ය නිලධාරීන් සිය සේවා ස්ථාන වෙත නැවත පැමිණෙන විට ටයි, සාරි, ඔසරි, මුදු, මාල නොඇඳ, නොපැළඳ සංවර හා සරල ඇඳුමකින් සැරසී පැමිණීම වඩාත් සුදුසු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය ඒ බව පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය පවතින කාලය තුළ රාජ්‍ය ආයතන විවෘත කර කාර්යාලයීය කටයුතු නැවත ආරම්භ කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරමින් ය.

ගර්භණී හා දරුවන්ට කිරිදෙන නිලධාරීනියන් මෙකී කාල සීමාව තුළ සේවයට කැඳවීමේදී ඉතා සහනශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙසටද, මැයි මස අවසන් වන තෙක් ඔවුන් සේවයට කැඳවීමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙසට ද එම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

Giraya News Alerts

යම් හේතුවක් මත එකී නිලධාරිනියන් සේවයට කැඳවීමට අවශ්‍ය වන්නේ නම් ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද, ඒ සඳහා එකී නිලධාරිනියන් අදාළ ආයතන ප්‍රධානින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු බව ද එමඟින් පෙන්වා දෙයි.

තවද, කාර්යාල වෙත පිවිසීමට පෙර සෑම නිලධාරීන් හා නිලධාරිනියන් මෙන්ම මහජනතාවද මුඛ ආවරණ පැළඳ, සබන් හා විසබීජ නාශකවලින් අත් සේදිය යුතු බවද, ඊට අදාළ පහසුකම් රජය විසින් එකී ආයතන වෙත සැපයිය යුතු බවද, එම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top