Update at 10.00 PM
අද (01) පස්වරු 10 වන විට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 25ක් වන අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 690 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරන අන්දමට අද (01) දිනය තුළ රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර දැනට වාර්තා වන සුවය ලැබූ සමස්ත රෝගින් ගණන 162ක් වේ. සක්‍රීය ආසාදිතයින් ගණන 521 ක් වේ. තවද පුද්ගලයින් 145 දෙනෙකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
අවසන් දින කිහිපය තුළ ආසාදිතයින් වාර්තා වීම මෙසේය.
- අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
- අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
- අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
- අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
- අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
- අප්‍රේල් 27 ආසාදිතයින් 65 දෙනෙකුත්
- අප්‍රේල් 28ආසාදිතයින් 31 දෙනෙකුත්
- අප්‍රේල් 29ආසාදිතයින් 30 දෙනෙකුත්
- අප්‍රේල් 30ආසාදිතයින් 16 දෙනෙකුත්
- මැයි 1 දින මෙතෙක් ආසාදිතයින් 25 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබේ.
___________________________________________________________________________
අද (01) දිනයේ දී පස්වරු 09 වන මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 689 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 24ක් වේ.
දැනට රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 520ක් වේ.
අද පස්වරුවේ වාර්තා වූ රෝගීන් 9 දෙනාගෙන් පස්දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වන අතර තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. අනෙක් රෝගියා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
