Advertise with Giraya
NEWS

ඉන්ධන ආනයනය අත්හිටුවයි

මෙරටට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණවත්ව පවතින නිසා ඉන්ධන ආනයනය කිරීම තාවකාලිකව නතර කළ බව ඛනිජ තෙල් තොග සමාගමේ සභාපති උවයිස් මොහොමඞ් මහතා සඳහන් කරයි.

මේ වන විට රටට ගෙන්වා තිබෙන ඉන්ධන ප‍්‍රමාණයෙන් දෛනික භාවිතය සියයට තිස්පහ, හතළිහ වැනි ප‍්‍රමාණයකට අඩු වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ඉන්ධන ගෙන්වා ගබඩා කිරීමේ හැකියාවක් නොමැති නිසා මෙම පියවර ගත් බවත් ඔහු කීවේය.

මෙරටේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් අනූදහසක් සහ ඞීසල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්‍ෂ හැත්තෑ දහසක් පමණ ගබඩා කළ හැකි ය. ඉන්ධන ගබඩා කළ හැකි උපරිම දින ගණන 20කි. රටට අවශ්‍ය ඉන්ධන සතියෙන් සතිය ඇනවුම් කෙරෙන අතර ඇණවුම් කරන ඉන්ධන කොලොන්නාවෙ සහ මුතුරාජවෙල ප‍්‍රධාන ගබඩාවල තැන්පත් කරනු ලබයි.

Giraya News Alerts

දෛනිකව පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණ වන අතර එසේ අවශ්‍ය ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 5000ක් පමණ වේ. මේ වන විට දෛනිකව පාවිච්චි කරනු ලබන්නේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 2000ක් සහ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 3500 පමණ වෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top