රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (30) වාර්තා කළේය.
ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමඟ සිදුකළ වීඩියෝ සාකච්ඡාවක දී අගමැතිවරයා විසින්ම මෙය නිවේදනය කරමින්, “මා විසින් සිදු කරන ලද කොරෝනා වෛරස් පරීක්ෂණ ධනාත්මකව නැවත පැමිණ ඇති බව දැනගන්නට ලැබුණා. ඒ නිසා මම ස්වයං හුදකලා වීමේ නීතිරීතිවලට බැඳී සිටිය යුතුයි. මගේ සගයන්ගේ ආරක්ෂාව සඳහා එය අනිවාර්යයෙන්ම කළ යුතුයි” යනුවෙන් පැවසීය. එහි කොටසක් රුසියාවේ රාජ්‍ය පුවත් නාලිකාවක විකාශය විය.
ඒ අනුව, වැඩබලන අගමැති ධුරය සඳහා මිෂුස්ටින් සිය නියෝජ්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් යෝජනා කර ඇති අතර, ජනාධිපති පූටින් විසින් බෙලූසොව් පත් කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇත.
මේ දක්වා රුසියාවේ දේශපාලඥයන් අතර ඉහළම පෙළේ නියෝජිතයෙකුට වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, අද වනවිට රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,000ක් ඉක්මවා තිබේ.
