Advertise with Giraya
NEWS

වෛරසය පැතිරුණත් දරුණු බව අඩු වෙලා

කොරෝනා වෛරසයේ දරුණුභාවය ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින බවක් පෙනී යන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. එම තත්ත්වය ශී‍්‍ර ලංකාවේ විශේෂයෙන් දක්නට ලැබෙන බවයි මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කරයි.

“වෛරස් රෝග පරම්පරාවෙන් පරම්පරාවට යනකොට එන්න එන්න එහි දරුණුකම අඩු වෙනවා. ලොව පුරාම මේ ස්වභාවය අපිට දක්නට ලැබෙනවා. පසුගිය දිනවල රෝගීන් ලෙස හඳුනගත් අයගේ රෝග ලක්ෂණ ඉතාම අවම මට්ටමක තියෙන්නේ. ඇතැම් අයට සුළු උගුරේ වේදනාවක් පමණයි. ඇතැම් අයට රෝගයක් තියෙනවා ද කියලවත් ඔවුන් දන්නේ නෑ. මේකට හේතුව වෛරසයේ ප්‍රබලතාව එන්න එන්නම අඩුවීම. ඒ නිසා රෝග ලක්ෂණ සහ සංකූලතා ක්‍රමයෙන් අඩු වෙනවා.”

මෙම ප‍්‍රවණතාව හේතුවෙන් ඉදිරි මාස තුනක පමණ කාලයේදී රට යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි වනු ඇති බව ද මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top