ඇඳිරි නීතිය සහ නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කරමින් ගිනිගත්හේන – අඹගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් පානය කරමින්, ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු පොලීසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කළ මුදල් , රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔහුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බව ද වාර්තා වේ.
වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය ඇති අතර එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලීසි මගින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
