Advertise with Giraya
NEWS

විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ‍ෙ නව මෙහෙයුම් පද්ධතිය නිවසේ සිටම අන්තර්ජාලයට මුදා හැරේ

විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා නව මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දි තිබෙන අතර ඒ පිළිබඳව පැහැදිලි කරමින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව මෙහෙයුම් පද්ධතිය නිවෙසේ සිටම අන්තර්ජාලයට මුදා හැරෙයි

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ  අංක 05/2020

Giraya News Alerts

ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය පසුගිය දා ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි. මෙම අවස්තාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත දේශප්‍රිය මහතා, විශ්‍රාම වැටුප්  අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා, විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර්. පත්මප්‍රිය මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා විශ්‍රාම වැටුප් අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්  meet.gov.lk ඔස්සේ නිවෙස්වල සිට එක් වී සිටියේය.                       

ඒ අනුව ප්‍රථම අයදුම්පත ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පතක් පද්ධතියට  ඇතුළත් කරනු ලැබීය.  

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 05/2020 මගින් මේ සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත. මේ වන විට අදාල වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර  අයදුම්පත්‍ර 500කට අධික සංඛ්‍යාවක් විවිධ ආයතන විසින් පද්ධතියට ඇතුළත් කර තිබේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය නිවසේ සිටම එම අයදුම්පත්‍ර පරික්ෂා කිරීම් ආරම්භ කර ඇත.

මෙම පරිගණක වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මුලිකත්වයෙන් සහ සංජේ ලංකා  පුද්ගලික ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කර ඇත.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top