Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළට… සුවය ලද ගණන 154 දක්වා ඉහළට

Update at 11.20 PM

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද (30) දිනයේ දී වාර්තා වූ මුළු කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම, මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත සමස්ත රෝගින් සංඛ්‍යාව 663 දක්වා ද ඉහළ යනු ඇත.

Giraya News Alerts

මේ අතර, අද (30) දිනයේ දී තවත් රෝගීන් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 154 දක්වා වැඩි වී ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 502ක් වේ. සැක පිට පුද්ගලයින් 187 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. දැනට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති පුද්ගලයින් ගණන 7ක් වේ.

Update at 9.40 PM

අද (30) රාත්‍රී 9 වන විට කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. එම රෝගීන් 0්‍7 දෙනා ද ඇතුළුව අද (30) දිනයේ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11ක් වේ. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන් ගණන 660 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල පසුවෙන පුද්ගලයින් ගණන 514ක් ද සුවය ලැබූ රෝගීන් ගණන 139 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් වාර්තා කරයි. තවත් පුද්ගලයින් 187 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද එම කාර්යාංශය වාර්තා කරයි.

____________________________________________________________________________

අද(30) පස්වරුවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 653 දක්වා වැඩි වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, දැනට රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, අද දිනයේ දි තවත් රෝගින් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, සුවය ලද සමස්ත රෝගින් සංඛ්‍යාව 139ක් දක්වා වැඩි වී තිබේ.

මේ අතර, ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ මිලියනයකට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 30ක් වේ. නමුත්, සාපේක්ෂව ගත් කළ අනෙක්ර රටවල්වලට වඩා ශ්‍රී ලංකාවේ මරණ අනුපාතිකය මිලියනයකට 0.3ක් වැනි පහළ අගයක් ගනියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top