COVID 19 වෛරසය ආසාදිත වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ රෝගීන් තිදෙනෙකු අද (30) සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 503 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළේය.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක් වේ.
