මංගල කියන දේවල් මේ රටේ ජනතාව පිලි ගන්නට සුදානම් නොමැති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පවසයි.
සි.බි.රත්නායක හිටපු පා.ම මේ බව කියා සිටියේ අද (30) දින හැටන් නගරයේ දි මාධ්‍යයට වෙත ප්‍රකාශයක් කරමින් ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු පා.ම සි.බි.රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩන්නත් , ජනතා විමුක්ති පෙරමුණ කඩන්නත් , අද එක්සත් ජාතික පක්ෂය කඩලා රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට රාජ්‍යය මුදල් පරිහරණය කිරිමට කිසිදු අවස්තාවක් නොමැති බව හිටපු පා.ම මංගල සමරවිර පවසන බවයි.
ඉකුත් රජය සමයේ කොරොනා වෛරසය මේ රට තුල පැතිරි ගියේ නම් මේ රටේ ජනතාව ඇමරිකාව සහ ඉතාලිය වගේ මැරි මැරි වැටෙන බවද සි.බි රත්නායක මහතා පැවසිය.
