Advertise with Giraya
ENTERTAINMENT

බොලිවුඩයේ දැවන්තයෙකු දිවියෙන් සමු ගනියි

බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ රිෂි කපුර් මුම්බායිහි රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කපූර් පවුලෙන් පැවත එන රිෂී කපූර්, බොලිවුඩ් සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය.1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවක ප්‍රේමාන්විත චරිතය රඟපෑවේය.

රිෂී කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහලට ගෙන ගිය බව ඔහුගේ සහෝදර රන්දීර් කපූර් කියා සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

Giraya News Alerts

ඉන්දියාවේ තවත් සුපිරි නළුවෙකු වූ ඉර්ෆාන් ඛාන් ද ඊයේ (29) දිනයේ දී අභාවප්‍රාප්ත විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top