ඊයේ (29) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 30 දෙනා ගෙන් 22 ක් නාවික හමුදාවේ සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
එම 22 අතරින් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද, අනෙක් නිලධාරීන් දෙදෙනා නිවාඩු ගොස් සිටි අය බව හමුදාපතිවරයා පවසයි. මීට අමතරව, කොරෝනා වෛරසය ආසාදනයට ලක්වූ නාවික සෙබළුන් ගේ සමිපතයින් 07 දෙනෙක්ට සහ ගුණසිංහපුර ප්‍රදේශයෙන් නිරෝධායනයට රැගෙන ගිය පුද්ගලයෙක්ටද වෛරසය ආසාධනය වී ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරෙන් පිටතදී වාර්තා වූ රෝගීන් බදුල්ල, තලාතුඔය, හෝකන්දර මොරොන්තුඩුව සහ කන්තලේ යන ප්‍රදේශයන් ගෙන් වාර්තාවී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කර කරයි.
ඊයේ (29) දිනය වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 649 දෙනෙක් වාර්තා වී ඇත. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 338 දෙනෙක් වාර්තා වී ඇත්තේ පසුගිය දින 07 තුලදීය. එලෙස වාර්තා වූ රෝගීන් 338 දෙනා ගෙන් 264 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ සමිපතයින් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
