Update at 11.50 PM
මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන 649 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යව 500 ඉක්මවා ගොස් ඇත.
එසේම, අද (29) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ යනු ඇත.
______________________________________________________________________________
Update at 10.04 PM
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 630දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝහල්ගතව පසුවන සක්‍රීය ආසාදිතයින් ගණන 487ක් දක්වා වැඩි වී ඇත.
අද (29) දිනයේ දී රාත්‍රී 10 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11ක් වේ.
____________________________________________________________________________
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (29) දිනයේ දී 627 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද(29) දිනයේ දී තවත් රෝගීන් අට දෙනෙකු වාර්තා විමත් සමඟ ය.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය කොරෝනා ආසාදිතයින් ගණන 484ක් වේ. සුවය ලැබූ ගණන 136ක් වේ. එමෙන්ම, දැනට පුද්ගලයින් 250 ක් සැකපිට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
