Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නාවික හමුදාවේ 226 කට කොරෝනා වැළඳිලා

මෙතෙක් හමු වූ රෝගීන් අතුරින් 226 දෙනෙකුම නාවික හමුදා සාමජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේම, එම 226 දෙනා අතුරින් 79 දෙනෙකු නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටි අය වන අතර තවත් 147 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි අය වේ.

එසේම, නාවික හමුදා සෙබළුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 184 දෙනෙක් පොම්පෙමඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද නාරාහේන්පිට ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එහි සිටි පුද්ගලයින් 69 දෙනෙක් දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top