ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු එම රෝහලේ සේවය කරන 08 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසනවා. ඒ, කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කරගත් අයෙකු පසුගිය දා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යයාලයට පැමිණ ඇති බව වාර්තා වීම හේතුවෙන් ය.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් වේ. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ පුද්ගලයින් අතරින් 134 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙ
