ඊයේ (28) දිනයේ දී වාර්තා වූ කොරෝනා රෝගීන් 31ක් අතරින් 21 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවත් ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 06 දෙනෙක්ට ද වෛරසය වැළඳී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
මීට අමතරව, යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඊයේ (28) ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා සාමාජිකයින් ගෙන් 15 දෙනෙක් වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරෙන්ද සෙසු පිරිස මැදිරිගිරිය, අගලවත්ත, හබරණ යන ප්‍රදේශයන් ගෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළුන් හඳුනා ගැනීමේ අවසන් අදියරට එළඹ ඇති බවත් ඔවුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වී ඇති පුද්ගලයින් බහුතරයක් අදාල සාමාජිකයින්ගේ නිවැසියන් සහ අසල්වැසියන් වන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
කෙසේ වුවත්, නාවික හමුදා සාමාජිකයින් ගේ සමීප ස්පර්ශකයින්ට ඉදිරියේ දී වෛරසය වැළඳී ඇත්ද යන අවදානම ගැන සෞඛ්‍ය හා බුද්ධි අංශ සාමාජිකයින් අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.
” නාවික සෙබළුන් සමීපව ඇසුරු කර තිබු අය කවුරුන්ද කියා හඳුනා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. නමුත් ඉදිරියේදී පොකුරු (Cluster) වශයෙන් වෛරසය පැතිරීමේ අවදානමක් තිබෙනවා ද කියා දැන්ම කියන්න බැහැ. නමුත් අපි අවධානයෙන් පසුවනවා යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
