Advertise with Giraya
NEWS

ප්‍රසංගවල ආරක්ෂාවට ගිය පොලිසියේ පිරිසක් නිරෝධායනයට

කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීමේ කටයුතුවල හා කොළඹ ඇතැම් ප්‍රදේශවල පැවැති ජනතාව පිනවීමේ ප්‍රසංගවල ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මෙම වෛරසයේ රෝග ලක්ෂණ පහළවීම නිසා ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පිරිස කොපමණද යන්න පිළිබඳව ස්ථීරව ප්‍රකාශ කළ නොහැකි නමුත් පොලිසියේ නිලධාරීන් දහයත් පහළොවත් අතර පිරිසක් මේ වන විට එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථාන උසස් නිලධාරියෙක් සනාථ කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top