Advertise with Giraya
NEWS

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ දි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද (28) නිවේදනයක් නිකුත් කරමින් පොලිසියෙන් ඉල්ලා සිටියි.

වැඩබලන පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඇය සඳහන් කරන්නේ මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර් ගවල ගමන් කරනු දක්නට ලැබෙන බවයි. මේ අතරින් බහුතරයක් වාහනවල අත්‍යවශ්‍ය සේවා යන ලේබලය දක්නට ලැබෙන බවත්, ඇතැම් වාහන වල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල නාම පුවරු දක්නට ඇති බවත් ඇය කියා සිටියි.

Giraya News Alerts

මෙම බොහෝ වාහන ඇඳිරි නීති අවසර පත් සහිතව ධාවනය වන බව පෙනී යන බවත් එහි නිගමනය වන්නේ මේ අතරින් ඇතැම් පිරිස් කෙසේ හෝ කුමන මාර් ගයකින් හෝ අත්‍යවශ්‍ය සේවා බව පෙන්වමින් ඇදිරි නීති අවසරපත් ලබාගෙන ඇති බව යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

සමාජ දුරස්ථකරණය මෙම වසංගත තත්වය මැඩලීමට ඇති හොඳම පියවර වන අතර ඒ සඳහා හැකිතරම් අවකාශ සලසා දෙනු වෙනුවට මෙලෙස විශාල වශයෙන් ඇඳිරි නිතී බලපත් සහ අවසරපත්ලබාදීම ඉතා අවදානම්කාරී තත්වයක් බව ආරියවංශ මහත්මිය කියයි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත් නුදුරේදීම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා අත්‍යවශ්‍ය සේවා පවා අත්හිටුවීමට සිදුවනු ඇතැයි ඇය පෙන්වා දෙයි. මේ නිසා එවැනි තත්වයකට රට පත්වීම වළක්වාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇති බව ඇය සඳහන් කරන්නීය.

මේ නිසා මේ පිළිබඳ සොයා බලා ඇඳිරි නීති අවසරපත් නිකුත් කිරීම සඳහා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සුදුසු බව යෝජනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩ බලන පොලිස්පති වරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top