Advertise with Giraya
NEWS

මෙරට කොරෝනා ආසාදිත වූ ගණන 600 ඉක්මවයි

Update at 11.15

අද (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් අට දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ද සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 478 දක්වා ද වැඩි වී ඇත.

මේ අතර අද (28) දිනයේ දී අයි.ඩී.එච්, ඉරණවිල හා වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් අට දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ රෝගීන් ගණන 134 දක්වා ඉහළ ගොස් ඇත.

Giraya News Alerts

තවද, පුද්ගලයින් 317 දෙනෙකු සැකපිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත් වී ඇති සංඛ්‍යාව 07ක් වේ.

Update at 9.39 PM

මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (28) දිනයේ දී 600 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද දිනයේ වාර්තා වූ රෝගීන් 23 දෙනා සමඟ ය. ඒ අනුව, මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 611ක් දක්වා වැඩි වී ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 470ක් වේ.

Update at 6.26 PM

අද (28) පස්වරුවේ දී තවත් කොරෝනා ආසාදිත රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 596 දක්වා ද අද දිනයේ දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 8ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

එමෙන්ම, එම නව ආසාදිතයන් සිව් දෙනා වාර්තා වීමත් සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 455 දක්වා වැඩි වී ඇත.

_____________________________________________________________________________

අද (28) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 592 දක්වා වැඩි වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

එමෙන්ම, මෙම නව ආසාදිතයින් සංඛ්‍යාවත් සමඟ මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 451 දක්වා ඉහළ යනු ඇත. දැනට පුද්ගලයින් 317ක් සැකපිට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

මීට අමතරව, අද (28) දිනයේ දි රෝගීන් අට දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 134 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top