වැලිසර නාවික හමුදා කඳවුරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතු වූ ජා – ඇල, සුදුවැල්ලෙන් වාර්තා වූ ‘206’ වැනි රෝගියා පිළිබඳව මේ වන විට රට පුරා අවධානය යොමු වී ඇත.
මොහු වෘත්තීය වශයෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළද ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට සහ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කටයුතු වලට දායක වූ පුද්ගලයෙක් බව ද පසුව අනාවරණය වී ඇත. ඉකුත් අප්‍රේල් මස 05 වෙනිදා රාත්‍රියේදී පමුණුගම, දෑලතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අනවසරයෙන් ඇතුල්වීම නිසා ප්‍රදේශවාසින් විසින් ඔහුව අල්ලා පොලිසියට භාර දි ඇත. ඉන්පසුව, පොලිස් අත්අඩංගුවේ පසු වෙද්දී ඔහු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව රාගම රෝහලට මාරු කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.
එම තහවුරු කිරිමත් සමඟ මොහුව පොලීසියට අල්ලා දුන් පමුණුගම, දෑලතුර ප්‍රදේශයේ පවුල් 12කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශයට සිදු වූ අතර පමුණුගම පොලීසිය ද සම්පූර්ණයෙන් විසබීජහරණයට ලක් කරන ලදි.
පසුව, මෙම ආසාදිතයා ඇසුරු කළ සමීපතම පිරිස් සොයා නාවික හමුදා සිදු කළ මෙහෙයුම්වලදී මොහු ජා-ඇල සුදුවැල්ල, කදාන, රාගම, පිටකොටුව කෙසෙල්වත්ත සහ ගුණසිංහපුර ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. නමුත්, පොලීසිය හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණෙන විට මෙම පිරිස් නිවෙස්වල නොසිට විවධ මාර්ග ඔස්සේ පළා ගොස් ඇත්තේ පැවති ඇඳිරි නීතියද නොතකාය.
කෙසේ හෝ වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලද තොරතුරක් ඔස්සේ සිදුකළ විමර්ශනයක දී ‘206’ වැනි කොරෝනා ආසාදිත රෝගියා සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයින් 28 දෙනෙක් සොයා ගැනීමට හැකි වූ අතර ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයේ පුජකතුමන්ගෙන් ද එයට මනා සහයෝගයක් ලැබී තිබිණි.
මෙම පිරිස, පළමුව තමන්ව නිරෝධායනය කිරීමට රැගෙන යන බවට හෙළිවීමත් සමග ඊට විරෝධය පා පැන යාමට තැත් කිරීමේ දී එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ භට පිරිස් හට එය පාලනය කිරීමට සිදුවියේ කිසිවෙක් නොසිතු මොහොතකය. එය අද වන විට රටේම කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව ඇත.
අවාසනාවකට එම අවස්ථාවේදී නාවික හමුදා භට පිරිසෙන් එක් අයෙකුට හෝ එම අවස්ථාවේදී වෛරසය සම්ප්‍රේෂණය වී තිබෙන බවට හෙළි වූයේ මීට දින කිහිපයකට පෙරය. ඒ පොළොන්නරුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළෙක් වාර්තා වීමත් සමඟ ය.
ඔළුවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනයට යොමු කළ එම 28 දෙනාගෙන් 06 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්වලදී තහවුරු විය.
ඉන් පසුව ඔවුන් ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සොයා නාවික හමුදාව තොරතුරු රැස් කොට සෙසු ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට සැලසුම් සකස් කරනු ලැබුවේ යම් හෙයකින් ඒ අතර කොරෝනා ආසදිතයෙක් සිටියහොත් සිදුවන විනාශය පිළිබඳව ඔවුන් හොඳින් අවබෝධ කර ගෙන සිටීම හේතුවෙන් ය.
අවසානයේදී ජා-ඇල සුදුවැල්ල, කදාන, කොටහේන, පිටකොටුව, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් මෙම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.
