කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ නාරාහේන්පිට මුහන්දිරම් දාබරේ මාවත හුදකලා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මීට පෙරද එම ප්‍රදේශයෙන් එක් රෝගියෙකු වාර්තා වී ඇති අතර ඉන්පසුව දින දෙකක කාලයක් තුළ දී සිදු කරන ලද පී.සී. ආර් පරීක්ෂණවලදී මෙම රෝගීන් දෙදෙනා හඳුනාගෙන ඇත.
ඊයේ (27) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා මුලස්ථානයේ සෙබළුන් වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
මිට අමතරව ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී තිබෙන අතර ඔහු බණ්ඩාරනායක මාවතේ සිට පැමිණ එම වත්තේ රැඳී සිට ඇති පුද්ගලයෙකු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.
තවද හැව්ලොක් ලේන් හී පදිංචිකරුවෙක් වන කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (27) දිනයේදී හඳුනා ගෙන ඇත. මෙම පවිත්‍රතා අංශයේ සේවකයා කටයුතු කළ ලොරි රථයේ රියදුරා කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් වන බව වාර්තා වේ.
