Advertise with Giraya
NEWS

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 584 ක් හා සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 451ක් දක්වා වැඩි වෙයි

Update at 10.56 PM

තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 451 ක් දක්වා වැඩි වී ඇත. ඒ අනුව , අද (27) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 61 ක් වේ.

දැනට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති රෝගීන් ගණන 126 ක් වේ. තවත් පුද්ගලයින් 295 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Giraya News Alerts

____________________________________________________________________________

Update at 9.18 PM

තවත් එක් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 582 දක්වා ද සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 499 දක්වා ද ඉහළ ගොස් ඇත.

ඒ අනුව, අ ද (27) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59ක් වේ.

Update at 8.14 PM

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද (27) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58 දක්වා ද මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 581 දක්වා ද ඉහළ ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 448ක් වේ. සුවය ලැබූ ගණන 126 ක් වේ.

____________________________________________________________________________

Update at 7.22 PM

තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, අද (27) දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 48 දක්වා ඉහළ ගොස් ඇත.

______________________________________________________________________________

Update at 5.20 PM

කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු අද (27) පස්වරුවේ දී සොයා ගෙන ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 567 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

ඒ අනුව, (27) දිනයේ දී වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 44ක් දක්වා ඉහළ යනු ඇත. එසේම, ආසාදිතයින් 40කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ 4 වැනි දිනය අද වේ.

මෙම නව ආසාදිතයින් ගණනත් සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් දක්වා වැඩි වේ. තවත් 295 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

_____________________________________________________________________________

අද (27) දහවල් 1 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 34 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත වූ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424ක් වේ. අද (27) දිනයේ දී තවත් රෝගීන් හය දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ දැනට සුවය ලැබූ ගණන 126ක් වේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 7ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top