Advertise with Giraya
TECHNOLOGY

පැය කිහිපයකින් ඕස්ට්‍රේලියාව පුරා ජනප්‍රිය වූ කොරෝනා ආසාදිතයින් හඳුනා ගත හැකි ඇප් එක

ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා ආසාදිතයින් හඳුනාගත හැකි covidsafe නම් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. එමඟින්, අඩි 5ක දුරක් තිබියදී කොරෝනා ආසාදිතයෙකු ජංගම දුරකථන යෙදවුම භාවිතා කරන පුද්ගලයාට හඳුනා ගත හැකි වීම විශේෂත්වයක්.

මේ වන විට, හඳුන්වා දී පැය කිහිපයක් ගත වුවත් මෙම යෙදවුම හරහා ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබේ. එම යෙදවුම දුරකථනය වෙත ඇතුළත් කිරිමේදී දුරකථනය භාවිත කරන්නාගේ තොරතුරු ලබා දිය යුතු වන අතර එය රජයේ දත්ත ගබඩාව හරහා අනෙක් රජයේ ආයතන හා අනෙකුත් සෞඛ්‍ය අංශ වෙත යවා යෙදවුම භාවිත කරන්නා කොරෝනා ආසාදිතයෙකු සමඟ සම්බන්ධ වී ඇති දැයි තහවුරු කරයි. එසේම, මේ මඟින් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ තොරතුරු ද යෙදවුමට ඇතුළත් කර තිබීම හේතුවෙන් බ්ලූටූත් මඟින් තමා ආසන්නයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සිටියි ද යන්න තහවුරු කර ගත හැකිය.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු රජය විසින් මෙම යෙදවුම පාවිච්චි කිරීම සඳහා කිසිදු බල කිරීමක් සිදු නොකරන නමුත් එය කෝවිඩ් -19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට පහසුවක් වන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top