ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නිවසේ සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කරයි. ඒ, මහේස්ත්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකු වන බැවින් ය.
ඔහු පසුගිය 12 වන දා සිට 20 වන දා දක්වා කාලය තුළ නිවාඩු ලබා නිවසට පැමිණීම හේතුවෙන් ඇය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වූ බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරයි. මහේස්ත්‍රාත්වරියගේ සැමියාට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැති බවත් මහේස්ත්‍රාත්වරිය සිය කැමැත්තෙන්ම සිය නිළ නිවසේදීම ස්වයං නිරෝධායනය වෙමින් සිටියි.
මහේස්ත්‍රාත්වරිය ගේ නිල නිවසේ ආරක්ෂක කටයුතු වලට යොදා සිටි පොලිස් නිලධාරීන් 09 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් වී ඇති බව සඳහන් වේ.
