Update at 10.11 PM
තවත් කොරෝනා ආසාදිත වූ රෝගීන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, අද දිනයයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 ක් වේ.
මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 378ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
__________________________________________________________________________
Update at 9.00 PM
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් අට දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 485 දක්වා වැඩි වී ඇත. එමෙන්ම සක්‍රීය කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 358ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව, අද (26) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 25 දෙනෙකු වාර්තා වි ඇත.
____________________________________________________________________________
Update at 7.07 PM
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් හයදෙනෙකු වාර්තා විමත් සමඟ අද (26) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 477ක් වන අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 350ක් වේ.
___________________________________________________________________________
Update at 5.42 PM
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, අද (26) මේ වන විට වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 11ක් වේ.
මෙම රෝගීන් සිව් දෙනාත් එකතුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 471 දක්වා ද සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 344ක් දක්වා ද ඉහළ යනු ඇත.
___________________________________________________________________________
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 467 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද (26) දිනයේ ද තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ ය.
එසේම, අද (26) දිනය වන විට රෝගීන 120 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 340ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. තවත් පුද්ගලයින් 273 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
