Advertise with Giraya
NEWS

වැලිසර දී මිය ගිය නාවික සෙබලාට කොරෝනා නැහැ

Update at 3.30 PM

වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පී.සී.ආර් පරික්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයෙකු වන මෙම හමුදා නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 18 වනදා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යවිමෙන් ඊයේ (25) රාත්‍රියේ මියගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Giraya News Alerts

කෙසේවෙතත්, අදාළ නිලධාරියා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වැලිසර නාවික හමුදා රෝහල් වාට්ටුව තුළ සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම තත්ත්වය තුළ නාවික හමුදා නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරිමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top