Advertise with Giraya
FOREIGN

කොරෝනා නිසා ලෝකයේ පුද්ගලයින් ලක්ෂ දෙකකට දිවි අහිමි වෙයි

කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය නිසා ලෝකයේ පුද්ගලයින් 203,289 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. එමෙන්ම, දැනට ලොව පුරා පුද්ගලයින් 1,881,164ක් ආසාදිත තත්ත්වයේ පසුවේ. පුද්ගලයින් 837,003 දෙනෙකු සුවය ලබා ඇත. වෛරසය ආසාදිත වු සමස්ත ප්‍රමාණය 2,921,456ක් වේ.

දැනට ලොව වැඩිම මරණ ගණනක් වාර්තා වන ඇ.එ.ජ ඊයේ (25) දිනයේ දී ද පුද්ගලයින් 2065ක් මරණයට පත් වී ඇති බව වාර්තා වේ. එම මිය ගිය අයගෙන් 617ක් නිව්යෝර්ක් නගරයෙන් ද 246ක් නිව්ජර්සි වලින් ද 186 දෙනෙකු මිචිගන් වලින් ද වාර්තා විය. මේ වන විට ඇ.එ.ජ වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 54,256ක් වේ. එමෙන්ම, පුද්ගලයින් 960,651 දෙනෙකුට වෛරසය ආසාදිත බවට වාර්තා වී ඇති අතර එයින් 118,162 දෙනෙකු සුවය ලබා ඇත.

මහා බ්‍රිතාන්‍යයෙන් ඊයේ (25) දිනයේ දී සිදු වූ මරණ සංඛ්‍යාව 813ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 20,319ක් වේ. දැනට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 148,377 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එයින්, පුද්ගලයින් 127,714 දෙනෙකු සක්‍රීය ආසාදිතයන් වේ. ඊයේ (25) දිනයේ දී පමණක් නව ආසාදිතයින් 4913 දෙනෙකු හඳුනාගෙන ඇත.

Giraya News Alerts

ලොව දෙවැනි තැනට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ මේ වන විට තත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ඊයේ (25) දිනයේ දී ද ඉතාලියේ පුද්ගලයින් 415කගේ ජීවිත අහිමි වී තිබුණි. තවත් නව ආසාදිතයින් 2357ක් වාර්තා විය. යුරෝපානු කලාපයේ ලොක් ඩවුන් නීති රීති තදින්ම හා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ රටක් ලෙස ඉතාලියේ මේ වන විට බොහෝ දෙනා මානසික අවපීඩන තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

ස්පාඤ්ඤයේ ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 378 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් තිබූ අතර තවත් 3995 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය. දැනට ස්පාඤ්ඤයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,759ක් වන අතර පුද්ගලයින් 22,902ක් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත. සුවය ලැබූ සංඛ්‍යාව 95,708ක් වේ.

බ්‍රසීලයේ ඊයේ දිනයේ දී කොරෝනා මරණ 375ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 6201ක් වාර්තා වී ඇත. ඊයේ (25) දිනයේ දී ඇ.එ.ජ පසුව වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වේ. දැනට බ්‍රසීලයේ වෛරසය හේතුවෙන් පුද්ගලයින් 4045ක් මියගොස් ඇති අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,196ක් වේ.

ප්‍රංශයෙන් ඊයේ (25) දිනයේ දී නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 1660ක් වාර්තා විය. සිදු වූ මරණ ප්‍රමාණය 369කි. ප්‍රංශයෙන් දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 161,488ක් වන අතර එයින් 44,594ක් සුවය ලබා ඇත. වෛරසය හේතුවෙන් ප්‍රංශයේ මිය ගිය පුද්ගලයින් ගණන 22,614ක් වේ.

අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (25) දිනයේ දී නව ආසාදිතයින් 1836ක් වාර්තා වී ඇති අතර සිදු වූ මරණ ප්‍රමාණය 45ක් වේ. දැනට ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිතවුවන් 26,496ක් වාර්තා වන අතර එයින් 5939ක් සුවය ලබා ඇත. ඉන්දියාවේ පුද්ගලයින් 825ක් මරණයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top