Advertise with Giraya
FOREIGN

දිනක් තුළ ලොව පුරා ලක්ෂයකට කොරෝනා ආසාදනය වෙයි

ඊයේ (24) දිනයේ දී පමණක් ලෝකය පුරා වෙසෙන ලක්ෂයකට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තාවන්ට අනුව ඊයේ (24) දිනයේ දී වෛරසය පැතිර ඇති රටවල්වලින් කොරෝනා ආසාදිතයින් 105,825 දෙනෙකු වාර්තා වී ඇත.

මේ වන විට ලොව පුරා 2,855,699 ක් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගීව පසුවන අතර පුද්ගලයින් 198,532කගේ ජීවිත අහිමි වී ඇත. සුවය ලැබූ ගණන 815,891ක් වේ.

ඇමරිකාවේ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 52,193ක් මරණයට පත් වී ඇත. දැනට ලෝකයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඇමරිකාවෙන් වේ. දැනට කොරෝනා ආසාදිතයින් 925,232ක් ඇමරිකාවෙන් වාර්තා වේ. ඊයේ (24) දිනයේ දී පමණක් පුද්ගලයින් 1959ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

Giraya News Alerts

දැනට ඇමරිකාවෙන් දිනකට වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් වේ. ඊයේ (24) දිනයට පමණක් එහි පුද්ගලයින් 768ක් ජීවිතක්ෂයට පත්වී ඇත. බ්‍රිතාන්‍යයේ වෛරසය හේතුවෙන් මිය ගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19,506ක් වේ.

දැනට ඉතාලිය,ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවල්වල සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති අතර ඉතාලියේ එම ගණන 25,969ක් වේ. නමුත්, දැනට එම රටවල්වල තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර දිනකදී වාර්තා වන මරණ ප්‍රමාණය 500ට වඩා අඩු මට්ටමක පවතී.

කෙසේ නමුත්, මේ වන විට අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින අතර ඊයේ (24) දිනය දී එරට එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ගණන වූ කොරෝනා මරණ 59ක් වාර්තා විය. දැනට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,942ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 780ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top