Advertise with Giraya
NEWS

අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 40ක්… සමස්ත ආසාදිතයින් ගණන 460 දක්වා ඉහළට

Update at 7.30 AM (2020.04.26)

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනෙකු ඊයේ (25) දිනයේ දී වාර්තා වී ඇති වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 460 දක්වා වැඩි වී ඇත. ඊයේ (25) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 40ක් වේ.

Update at 9.55 PM

Giraya News Alerts

කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.ඒ අනුව දැනට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් ඇති බවත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 327ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

Update at 9.30 PM

තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 449ක් වේ. මෙම නව ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ සක්‍රීය ආසාදිතයන් ගණන 324ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනට සුවය ලැබූ සමස්ත රෝගින් සංඛ්‍යාව 118 ක් වන අතර පුද්ගලයින් 247ක් සැක පිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Update at 7.30 PM

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් පස් දෙනෙකු මේ වන විට වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 315 ක් වේ. සුවය ලැබූ ගණන 118ක් වේ.

____________________________________________________________________________

අද (25) දිනයේ දී හඳුනාගෙන තිබෙන කොරෝනා ආසාදිතයින් ගණන 15ක් වන අතර ඉන් පස් දෙනෙකු නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සියළුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 435ක් වේ.

අද (25) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 05 දෙනාගෙන් හතරදෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට PCR පරීක්ෂණය සඳහා යොමු කළ සෙබළුන් වේ. අනෙක් සෙබලා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛරසය ආසාදිත බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙම රෝගීන්ගෙන් හත් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වේ. තවත් වයස අවුරුදු 12ක ළමයෙක් ද වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 310 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් තවත් රෝගීන් 118 දෙනෙකු සුවය ලබා ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top