Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකන් ගුවන් ගමන් මැයි 15 දක්වා අත්හිටුවයි

කොවිඩ් – 19 වසංගත රෝගය ලොව පුරා ව්‍යාප්තව පැවතීමත් සමඟම, විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තමන්ගේ නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කර තිබේ .

එහෙත්, රජයට සහාය දැක්වීම සදහා අත්‍යාවශ්‍ය බෙහෙත් ඖෂධ , වෛද්‍ය සම්පත් සහ උපකරණ සහ අත්‍යාවශ්‍ය සේවා සදහා පහසුකම් සැපයීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙමඟින් අවදානම් කාලපරිච්ඡේදය තුළදීත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ විනිමය ආදායම රට තුළට ගෙන ඒමට ඒ අනුව කටයුතු කරමින් සිටිති.

එමෙන්ම, විදේශ රටවල සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් , අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරමින් සිටිති.

Giraya News Alerts

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු , ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් විමසීමෙන් හෝ +94117771979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.

-දිවයින-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top