Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා වැළඳුන සුනඛයෙක් ගැන තහවුරු වී නැහැ

Update at 3.33 PM

ජා – ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පළ වූ වාර්තා සත්‍යයෙන් තොර බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය කේ.කේ. සරත් කියා කියා සිටිනවා.

අදාළ සුනඛයාට සෙම ගතියක් තිබීම හේතුවෙන් රෝග ලක්ෂණ ඇති බවට සැකයක් පමණක් මතුව ඇති බවයි ඔහු කියා සිටියේ. මෙතෙක් කොරෝනා ආසාදිත සුනඛයෙකුගේ රෝග ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව ද වාර්තා වී නැති බවත් එමෙන්ම සෙම තිබීම ජලභීතිකා තත්වයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

Giraya News Alerts

එසේම, සත්ත්වයින්ගේ ආසාදිත බව සොයා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණ මෙරට නොමැති බවත් ඔහු සඳහන් කරයි. එමෙන්ම, සුනඛයෙකුගෙන් මිනිසෙකුට ආසාදනය වූ අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නැති බවද ඔහු පෙන්වා දුන්නා.

මෙම පුවත හෙළකුරු දුරකතන යෙදවුම ඔස්සේ ලැබෙන එසැන පුවත් සේවයේ citizen.lk නැමැති වෙබ් අඩවියේ පළ වී තිබූ අතර ඔවුන් එම වාර්තාවෙන් සඳහන් කර තිබුණේ එම සුනඛයාට ආසාදිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි. එමෙන්ම අදාළ සුනඛයා පීසීආර් පරීක්ෂණයකට යොමු කර තිබූ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් කියා සිටි බවද සඳහන් කර තිබුණා. එමෙන්ම එම පුවත කේ.කේ. සරත් ද තහවුරු කළ බව ද අදාළ පුවතේ පළ කර තිබුණි.

නමුත් මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව සඳහන් වූ කොටස ඉවත් කර “මෙරට සුනඛයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙයි” යන සිරස්තලයක් යටතේ සංස්කරණය කරන ලද පුවතක් පළ කර තිබේ.

පසුගිය දා නිව්යෝර්ක් නගරයේ ද සුරතලයට ඇති කළ පූසන් දෙදෙනෙකුට ද ඊට පෙර නිව්යෝර්ක් නගරයේම සත්වෝද්‍යානයක සිටි කොටියෙකුට ද වෛරසය වැළඳී ඇති බවට තහවුරු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top