Advertise with Giraya
NEWS

ලබන 27 දා සියළුම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් වෙයි..නවතම නිවේදනය මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, අප්‍රේල් 27 දින සිට සියලුම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම වැළැක්වීමට මේ වන විටත් පනතා ඇති ඇඳිරි නීතිය පහත පරිදි පැනවීමට කටයුතු කරනු ලැබේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස්බල ප්‍රදේශයද, මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බලප්‍රදේශයේ ද සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු පොලිස්බල ප්‍රදේශයේ ද, දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00ට ඉවත් කෙරේ.

සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 24 රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00ට ඉවත් කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලු දෙනාට තහනම් කර ඇත.

ඇඳිරි නිතීය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම හා කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top