Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත ගර්භණී කාන්තාව වැරදි ලිපිනයක් දීලා

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ඊයේ (24) දිනයේදී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත මරදාන ප්‍රදේශයේ පදිංචි රෝගී ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය වැරදි ලෙස ලබාදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙම ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය නොව වෙනත් ලිපිනයක් රෝහලට ඇතුළත් වීමේදී ලබාදී තිබෙන නමුත් ඇය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වෛද්‍යවරුන් විසින් ඇයව රෝහලේ පිහිටි විශේෂිත වාට්ටුවකට ඇතුළත් කර එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු කර ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මරදාන ප්‍රදේශයෙන් මිට පෙරද කොරෝනා ආසාදිත රෝගීන් හමුවී ඇති පසුබිමක් තුළ ඕනෑම පුද්ගලයෙක් රෝහල්ගත වීමේ දී තමන් පදිංචි නිවැරදි ලිපිනය බලධාරීන්ට ලබාදීම වැදගත් බව පැවසූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එමඟින් වෛද්‍යවරුන්ට එම රෝගීන්ගේ රෝග හඳුනා ගැනීම සහ අවශ්‍ය පරීක්ෂණ කිරීම සහ ප්‍රතිකාර ලබාදීම ඉක්මන් කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මෙම රෝගී කාන්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බැවින් එහිදී ඔවුන්ට එල්ලවී ඇති බලපෑම් අවම වන බවත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙක් කිසිදු රෝගියෙකුට ද එහිදී අවධානමක් ඇති නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top