වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවික සෙබළුන් 30කට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර සිටියි. ඒ අනුව, දැනට එම නාවික හමුදා කඳවුරේ සිටි 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර සම්පුර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එම කඳවුරේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.
කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටි සෙබළුන් යලි කඳවුර වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් එලෙස රැගෙන එන පිරිස් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් වෙනම ස්ථානයක් ද සකස් කරමින් සිටින බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
