Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොළොන්නරුවේ ආසාදිතයින් ගැන කඩිනමින් සොයන්නැයි මෛත්‍රීගෙන් ලිපියක්

පොළොන්නරුවෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු වාර්තා වීමත් සමඟ තවත් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සිටිදැයි කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

පොළොන්නරුවෙන් රෝගියෙකු වාර්තා වීමත් සමඟ තවත් ආසාදිතයින් සිටීදැයි පොළොන්නරුවේ ජනතාව ඉමහත් නොසන්සුන්තාවයට පත් ව ඇති බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ජනතාව දැනුවත් කොට හැකි ඉක්මණින් ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙස එම ලිපියෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා තිබේ.

එසේම, කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ සිදු කරන්නා වූ මෙහෙවර අතිශයින් ප්‍රශංසනීය බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලිපියෙන් දන්වා ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top