Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300ක්… අද දිනට පමණක් වාර්තා වූ ගණන 48ක්

Update at 8.37 PM

තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වීමත් සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 300 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 416ක් වේ.

අද (24) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් ප්‍රමාණය 48ක් වන අතර වෛරසය ආසාදිත බවට සැක පිට පුද්ගලයින් 183ක් රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

Giraya News Alerts

Update at 7.30 PM

කොරෝනා ආසාදිත 415 වැනි රෝගියා ද මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කරයි. එම රෝගියා කොළඹ සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා වූ ගර්භණී කාන්තාවක් වන අතර ඇය මරදාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක වේ.

එම කාන්තාව රෝහල්ගත කළ අවස්ථාවේ දීම ඇගේ කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඇයව පසුව නැගෙනහිර කොළඹ රෝහලට මාරු කර යැවූ බවත් සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය සඳහන් කරයි.

Update at 6.21 PM

මේ වන විට තවත් ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර සමස්ත කොරෝනා වෛරසය ආසාදිත තහවුරු වූ රෝගීන් ගණන 414 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර සිටියි. ඒ අනුව, දැනට වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව වන 298ක් මේ වන විට වාර්තා වී ඇත.

අද (24) පස්වරුවේ දී තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබූ ගණන 109 දක්වා වැඩි වී ඇත.

Update at 6.15 PM

වැලිසර නාවික හමුදා කඳවුරෙන් අද (24) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 30ක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 400 ඉක්මවා ගිය අතර ඒ අනුව, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 409ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම, මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ කොරෝනා ආසාදිතයින් 41 ක් අද (24) දිනයේ දී වාර්තා වී ඇත. මෙම නව රෝගීන් හඳුනා ගැනීමත් සමඟ සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 295ක් දක්වා වැඩි වේ.

Update at 5.45 PM

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 379 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද පස්වරුවේ තවත් රෝගීන් හය දෙනෙකු වාර්තා වීමත් සමඟ ය. ඒ අනුව, අද (24) දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11ක් දක්වා වැඩි වි ඇත.

දැනට රෝගීන් 265 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින අතර තවත් රෝගීන් 107 දෙනෙකු සුවය ලබා ඇත. තවත් පුද්ගලයින් 183ක් සැක පිට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

____________________________________________________________________________

කොරෝනා වෛසරය ආසාදිත වූ තවත් පුද්ගලයින් 5ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top