ඊයේ (23) දිනයේ දී වාර්තා වූ නව කොරෝනා රෝගීන් අතර කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි පුද්ගලයෙක් ද වන අතර ඔහු සුපිරි වෙළඳසැල් ජාලයක බෙදාහැරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත සෙබලූන් 30 දෙනෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් නව කොරෝනා ආසාදිත බවට පළමුවෙන් හදුනා ගැනුනේ නිවාඩු ලබා නිවසට ගොස් සිටි පොළොන්නරුව පුලතිසිගම ප‍්‍රදේශයේ නාවික සෙබලෙක් ය.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ “මෙම නාවික හමුදා භට පිරිස් පසුගිය දින කිහිපය පුරාවටම ජා – ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අය නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ රාජකාරීවල යෙදී සිට තිබුණා. එහිදී එහි සිටි ඇතැම් පිරිස් හඳුනා ගැනීම සඳහා ඔවුන් සමග ළඟින් ඇසුරු කරන්නට සිදු තිබීමත් ඇතැම් අය පැන යන්නට කටයුතු කිරීම තුළ ඔවුන් පාලනය කර ගැනීමටත් සිදුව තිබුණා. එහිදී මේ ආකාරයෙන් වෛරසය ආසාදනය වෙන්න ඇති යනුවෙනුයි දැනට සැක කරන්නේ.” යනුවෙනි.
ඊයේ (23) දිනයේ දි මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා විය. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 368 ක් වේ. ඒ අතරින 254 දෙනෙකු දැනට ආසාදිත තත්ත්වයේ පසුවෙයි. පුද්ගලයින් 107 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
