Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට

Update 9.15 PM

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව, එක් දිනයක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු අද දිනයේ දී වාර්තා වී ඇත.

Giraya News Alerts

______________________________________________________________________________

Update at 8.53 PM

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු මේ වන විට වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 340 දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 226 ක් වේ.

අද (23) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 10ක් වේ.

_____________________________________________________________________________

Update at 8.00 PM

කොරෝනා වෛරසය ආසාදිත හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 337 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එසේම, දැනට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම, අද පස්වරුවේ තවත් රෝගින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ ගණන 107 දක්වා ඉහළ ගොස් ඇත.

___________________________________________________________________________

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව සිටින රෝගීන් ගණන 222 දක්වා වැඩි වී ඇත.

දැනට රෝගින් 105 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අද දිනයේ දී මෙතෙක් කිසිදු රෝගියෙකු සුවය ලැබූ බවට වාර්තා වී නැත.

වෛරසය ආසාදිත බවට සැක පළ කෙරෙන පුද්ගලයින් 173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top