Advertise with Giraya
POLITICS

කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යයි – කරු ජයසූරිය

තමා විසින් ඒකපාර්ශ්විකව පාර්ලිමේන්තුව රැස්කිරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ තම ට්විටර් ගිණුමේ සටහනක් එක් කරමින් ය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා සඳහන් කර තිබුණේ කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවයි. එසේම, අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු බවත් යම් මත භේදයක් පවතින අවස්ථාවක දී අධිකරණ නියෝගයන්ට ගරු කිරිමට තමන් බැඳී සිටින බවත් ඒ මහතා එම පණිවිඩයෙන් අවධාරණය කර තිබේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට කථානායක නිල නිවසේ දී රැස්විය. ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් එයට සහභාගී වි ඇති බවත් වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top