කෝවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබෙන බව ඇමති මහින්ද අමරවීර මහතා නිවේදනය කර සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ කොවිඩ් -19 විශේෂ අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මාසයක වැටුප පරිත්‍යාග කිරීමට තමන් අද (23) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ බවත් අග්‍රාමාත්‍යවරයා යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අද දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛණිජතෙල් බෙදාහැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනෙක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142කට ආසන්න මුදලක් කොවිඩ් -19 විශේෂ අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇත.
එම අවස්ථාවේ දී මහින්ද අමරවීම මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා රටේ සෑම පාර්ශ්වයකටම ඉදිරියේ දී කැප කිරීම් කිරීමට සිදු වන බව කී අමාත්‍යවරයා අවශ්‍ය නම් ඉදිරියේ දී තවත් කැප කිරීම් ඉටු කිරීමට රජය වශයෙන් සූදානම් බවත් සඳහන් කරයි.
