දෙරණ නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් පවතින් බවත් ඒ සම්බන්ධයෙන් විරෝධය පලකරමින් එම සංගමය විසින් ‘දෙරණ’ නාලිකාව වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියෙන් ඔවුන් පෙන්වා දෙන්නේ, රටට යහපත් වූ කාරණාවන්හිදි චතුර අල්විස් මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කළත් මෑත කාලිනව ඔහුගේ හැසිරීම ඔවුන්ගේ විමතියට හේතුවන බවයි.
එමෙන්ම, ඔවුන් මෙවැනි විරෝධයක් පල කිරීමට තුඩු දුන් කාරණාව වී ඇත්තේ රටේ පවතින අත්‍යාවශ්‍ය ඖෂ්‍යවල හිඟය ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ පුවත චතුර අල්විස් මහතා විසින් ‘දෙරණ අරුණ’ වැඩසටහනේ ඉදිරිපත් කිරීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඖෂධ මාෆියාවෙන් වාසි ලැබෙන බවට ගම්‍ය වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමය.
අදාළ ලිපිය පහතින් දැක්වේ.

