Advertise with Giraya
NEWS

මැතිවරණ නිරීක්ෂණ කටයුතු උපායමාර්ගිකව වෙනස් කරනවා – පැෆරල් සංවිධානය

කොරෝනා වසංගතය පවතින නිසා මෙවර මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු උපායමාර්ගිකව වෙනස් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඒ අනුව, විශේෂයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ කෙරෙහි අවධානය යොමුකරමින් මැතිවරණ නිරීක්ෂකයන් එම කටයුතුවලට යොමු කරවන බව ද හෙට්ටිආරච්චි මහතා කීවේය.

සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයන් එකසිය හැටදෙනකු දැනටමත් නිරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටින බව ද ඔවුන් මින් පෙර මැතිවරණ දිනය ලෙස නම් කර තිබූ අප‍්‍රියෙල් 25 වැනිදා ඉලක්ක කර ගෙන කලින් පුහුණු කරවූ අය බව ද පැවසූ හෙට්ටිආරච්චි මහතා ඔවුන් පසුගිය කාලයේ දේශපාලන ක‍්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණ වාර්තා ද පැෆරල් ප‍්‍රධාන කාර්යාලය වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

Giraya News Alerts

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල උපදෙස් ද පිළිපදිමින් එම නිරීක්ෂකයන් යොදවන බව ද පැෆරල් සංවිධානය සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ මෙවර විදෙස් නිරීක්ෂකයන් ගෙන්වන්නේ නැතැයි ද හෙට්ටිආරච්චි මහතා කීවේය.

ඉදිරි දිනවලදී සියලූ‍ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top