Update at 11.37 PM
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 330 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ තවත් රෝගීන් හත් දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ය. ඒ අනුව, අද (22) දිනයේ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 20ක් වේ.
මෙම ප්‍රමාණයත් සමඟ ශ්‍රී ලංකාවේ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නා සක්‍රීය ආසාදිතයින් ගණන 218ක් වේ. සුවය ලැබූ ගණන 105කි. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 07ක් වේ.
______________________________________________________________________________
Update at 7.28 PM
මීට සුළු මොහොතකට පෙර කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගියෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 105 ක් දක්වා වැඩි වී ඇත.
___________________________________________________________________________
Update at 5.54 PM
මෙරටින් වාර්තා වු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ද සක්‍රීය ආසාදිතයන් සංඛ්‍යාව 211ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද පස්වරුවේ කොරෝනා ආසාදිත තවත් රෝගියෙකු වාර්තා වීමත් සමඟය.
එම රෝගියා පොළොන්නරුව රෝහලින් වාර්තා වී ඇති අතර අද පෙරවරුවේ වාර්තා වූ රෝගීන් 11 දෙනාම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
එසේම, දැනට සැකපිට පුද්ගලයින් 148 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුව වූ රෝගීන් සංඛ්‍යාව 104කි. ජීවිතක්ෂ්‍යට පත් වූ රෝගීන් සංඛ්‍යාව 07ක් වේ.
___________________________________________________________________________
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 11 දෙනෙකු අද (22) දිනයේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළ යනු ඇත.
එසේම, මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 210 ක් වන අතර අද (22) දිනයේ තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් ගණන 104ක් දක්වා ඉහළ ගොස් ඇත.
