Advertise with Giraya
NEWS

අද සිට සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ජංගම වෙළඳුන්ට වැඩ වරදී

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනේ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය නිවෙස්වලට ගොස් අලෙවි කිරීමට ජංගම වෙළඳුන්ට අවස්ථාව සලසා ඇත. නමුත් ඔවුන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම නිවේදනයට අනුව ජංගම වෙළඳුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් දක්වා ඇති අතර එම පියවරයන් අනුගමනය නොකරන වෙළඳුන්ගේ ඇඳිරි නිති බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය සඳහන් කරයි.

එම අනුගමනය කළ යුතු පියවරයන් නම්,
01.පිරිසිදු ඇඳුම්වලින් සැරසී සිටීම.
02.පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළැඳ සිටීම.
03.වෙළඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත්ආවරණ පැළඳීම.
04.විසබීජානුහරණ දියර භාවිතා කිරීම.
05.බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම්, ඒවා අතින් ඇල්ලීම නොකර පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ (forceps) භාවිතා කිරීම.
06.ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේ දී කඩදාසි හෝ වෙනත් ආවරණ වලට දමා අලෙවි කිරීම.
07.මුදල් ස්පර්ශ කිරීමෙන් පසුව එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකීම.
08.ආහාර මිලදී ගැනීමට පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදීම.
09.මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසල රැඳී සිටීමේ දී මීටරයක පරතරය පවත්වාගෙන යාම.

Giraya News Alerts

ඒ අනුව, අද (22) දිනයේ සිට ඉහත උපදෙස් වලට අනුගත නොවන ජංගම වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කිරීමට පොලීසිය විසින් පියවර ගනු ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top