ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලසිත් මාලිංග බව එංගලන්ත හිටපු පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් පවසා ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක් උද්ගතව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් වන රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කෙවින් පීටර්සන් මේ බව පවසා ඇත. තවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම අවිය තවමත් ලසිත් මාලිංග බවත් පිතිකරුවන්ට මාරක අවියක් වූ ලසිත් මාලිංගගේ යෝකර් පන්දු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ බවද පීටර්සන් එහිදී පවසා තිබේ.
එම සාකච්ඡාව අතරතුරදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කෙවින් පීටර්සන් “අයි.පී.එල්. ඉතිහාසයේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙසින් මම ලසිත් මාලිංග සලකනවා. එමෙන්ම තවමත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධනතම අවිය වන්නේ ලසිත් මාලිංගයි. පසුගිය තරගාවලියේ අවසාන මහා තරගයේදී තීරණාත්මක අවසන් පන්දුවාරය නැවතත් ඔබ නැරඹුවහොත් ඔබට ඒ බව පැහැදිලි වෙනු ඇතැයි මම සිතනවා.” යනුවෙන් පවසා තිබිණි.
අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන මාලිංග අයි.පී.එල්. තරග 122කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170ක් වීමද විශේෂත්වයකි.
